Ven.Henduwawe Dhammadeepa Thero, - 2018.10.04 - 20.00 හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන්වහන්සේ by Dr.Samantha Jayaweerage   1 month ago

1,079 Просмотров

34 I like   1 I do not like

තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දසබලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, උන්වහන්සේ විසින් පරෝපදේශ රහිතව ස්ව උත්සාහයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, උන්වහන්සේ විසින් දේශිත ඒ උතුම් ආර්ය මාර්ගයේ වැඩමකල - වැඩමකරවන ආර්ය මහා සංඝරත්නයටත් පළමුවද, දෙවනුවද, තෙවනුවද අපගේ නමස්කාරය වේවා!!!  සාදු! සාදු!! සාදු!!!

අද, 2018 වප් මස 04 දින, (බ්‍රහස්පතින්දා) ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය කරන ලද  රාත්‍රී 20.00 ධර්මානුශාසනාව පවත්වා වදාළේ; දිවුලපිටිය, බරවාවිල, ශ්‍රී අභිනවාරාමාධිපති, රාජකීය පණ්ඩිත, අවසරයි, හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන්වහන්සේ විසිනි.

තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දස බලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, උතුම් ධර්මස්කන්ධයන් අතුරින්; සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, උපාසක වර්ගයෙහි එන "උපාසකචණ්‌ඩාල සූත්‍ර දේශනාව" මාතෘකා කරගනිමින් "උපාසක - උපාසිකා භාවය කෙළෙසා නොගෙන අරුත්බර, දැහැමි දිවියක් ගතකර දෙලොව ජයගැනීමට මහෝපකාරී වන උතුම් ධර්ම කාරණා" මනාව විග්‍රහ කරමින් පවත්වන ලද ඒ උතුම් ධර්මානුශාසනාව අසා ඒ අනුව සිත් මෙහෙයවමින් මෙලොවින් පරළොවට ගෙනයන මිණිමුතු රැස්කරගන්නට ධර්මයට සමීප (උපාසක) ඔබ අප්‍රමාදී වේවා!!!

අපගේ වන්දනීය දේශකයාණන් වහන්සේටත්, ගුවන්විදුලි සංස්ථාවේ හා බාහිර වශයෙන් නන් අයුරින් දායකත්වය සැපයූ සැමටත්, පින් කැමති සියළුදෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින් අත්වේවා!!!

එසේම අපගේ මව්පියන්, සහෝදර සහෝදරියන්, ඤාති මිත්‍රාදීන්ටද, අනන්ත සසර පටන් මේ මොහොත දක්වා අප නමින් මිය පරලොව ගියා වූ සියළුම ඥාති-මිත්‍රාදීන්ද, ගුරු-දෙගුරුන්ද මේ පින් අනුමෝදම් වෙත්වා!!!

යමෙකු දුගතියක වෙත් නම් මෙ පින් බෙලෙන් සුගතිගාමී වෙත්වා!!! සුගතියක වෙත්නම් එහිදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා!!!

අවසන් වශයෙන්, ඔබ අප සියළු  දෙනාටම මේ උතුම් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම සසර කතරින් එතෙරවීමට  තෙරුවන්ගේ ආශීර්වාදයෙන් හැකියාව ලැබේවා!!!

"ශ්‍රී සද්ධර්මය නිතර අසන්න (සුනාථ), ඒ ඇසූ ශ්‍රී සද්ධර්මය හොඳින් සිත් හි දරාගන්න (ධාරේථ), එසේ සිත් හි දරාගත් ශ්‍රී සද්ධර්මයට අනුව හැසිරෙන්න (චරාථ - ධම්මේ). එසේ ශ්‍රී සද්ධර්මය නිතර ශ්‍රවණය කිරීම තුළින් කලින් නොඇසූ දේ අසන්නට ලැබේවි, ඇසූ දෙයක් නම් එය වඩාත් තහවුරු වේවි, සැකයක් තිබුණා නම් ඒ සැක දුරුවලා යාවි, වැරදි මත තිබුණා නම් ඒවා නිවැරදි කරගන්නට හැකි වේවි, සිතේ පැහැදීමක් ඇතිවීම තුළින් දෙලොවටම වැඩදායී ජීවිතයක් ගතකරන්නට ඉන් විශාල පිටුවහලක් ලැබේවි. ඔබටත්, පවුලේ සැමටත්, සමාජයටත්, මුලු මහත් ලෝකයටත් ඉන් යහපතක්ම වේවි.

බුදුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
දහම් සරණ හැර අන් සරණක් නැත මා හට,
සඟුන් සරණ හැර අන් සරණක් නැත මා හට,
මෙතුන් සරණ හැර අන් සරණක් නැත මා හට.
සාදු! සාදු!! සාදු!!!

෴ ජයවීරගේ සමන්ත ෴  රුසියාවේ සිට ෴

Comments to the video